කාසල් රෝහලේ ගැබිණි කතකට කොරෝනා

October 8, 2020 at 9:38 AM

මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුලත් කරන ලද ගර්භනී කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව‍ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා.

මීරිගම ප්‍රදේශයේ සිට කාසල් රෝහලට ඇතුලත් කොට සිටි එම ගැබිණි කාන්තාව හට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇයව IDH රෝහලට මාරු කොට යැවීමට පියවර ගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.