කාසල් රෝහලේදී කොවිඩ් ආසාදිත ගැබිණි මාතාව සේවය කළ ආයතනයේ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කරනවා – වසංගත රෝග විද්‍යා අංශය

October 8, 2020 at 1:55 PM

කොළඹ කාසල් රෝහලට ඇතුලත් කොට සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ මීරිගම ප්‍රදේශයේ පදිංචි ගර්භණි කාන්තාව සේවය කරනු ලබන කර්මාන්ත ශාලාවේ සියලු සේවක සේවිකාවන්ගේ PCR පරික්ෂණයන් සිදුකිරීමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර ප්‍රකාශ කර සිටිනවා.

” මෙම රෝගියා ද බ්‍රැන්ඩික්ස් පොකුරේ රෝගියෙක් ලෙස සලකනවා. මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සියලු දෙනාගේ PCR පරීක්ෂණ සිදුකරලා අවසන්. පසුගිය දින කිහිපයේදී එම PCR පරීක්ෂණ වලදී වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වුනේ එම පරීක්ෂණ වලදී එන ප්‍රථිපල අනුව. ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී මෙම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයේ සේවකයින්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් ගේ PCR පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කිරීමට නියමිත බව: වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.