කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සතුටුදායක පණිවුඩයක්. එන්නතක් මේ වසර අගදී..!

October 7, 2020 at 10:39 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් පවසන්නේ කොවිඩ් එන්නතක් මේ වසර අගදී භාවිතයට ගතහැකිවන බවයි.

මේවන විට පර්‍යේෂණ මට්ටමේ පවතින එන්නත් සංඛ්‍යාව නවයක් බවත් ඔහු හෙළිකළා.

“එය අපේ බලාපොරොත්තුවක් ”

මේ වසර නිමා වෙද්දී එන්නතක් හඳුන්වා දීම ගැන ඔහු කියා සිටියේ එලෙසින්.

2021 වසර අග වන විට එන්නත් බිලියන 20ක් ලොව පුරා බෙදාහැරීම අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් පැවසුවා.