විභාග කල් යනවාද.? තීරණය අද සවස 2ට.

October 7, 2020 at 11:46 AM

රටේ උද්ගත වී ඇති කොරෝනා අවධානම තත්වය හමුවේ එළඹෙන ඉරිදා(11) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ සඳුදා (12) ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා සිදු කරන බවත් අද පස්වරු 2.00ට ඒ පිළිබඳව අවසන් තීරණය ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් .පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

විභාගය පවත්වන්නේ නම් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව එය සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .