දියණියට කොරෝනා : නිරෝධායනයට රැගෙන ගිය මව මියයයි

October 7, 2020 at 7:39 PM

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ 64 හැවිරිදී යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කර සිටිනවා.

මෙම කාන්තාව ගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරැ වී තිබෙනවා. මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජිවිතක්ෂයට පත්වූ කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.

(nethnews.lk)