බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමුවැන්නා ,මුලින් හමුවූ කාන්තාව නොවේලු!

October 7, 2020 at 11:33 AM

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමුවෙන්ම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව එම කොවිඩ් ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවක් පවත් වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බව හෙළිවූ බවයි සුදත් සමරවීර මහතා පැවසුවේ .

“කොරෝනා ආසාදිත කාන්තාව ගම්පහ රෝහට ඇතුළත්ව ඇත්තේ 30 දා. නමුත් අප කර්මාන්ත ශාලාවෙන් ලබාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 20 දා සිට එහි සාමාජිකයන්ට නොයෙක් ස්වශන රෝග තිබී තිබෙනවා. එම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළගොස් තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. කර්මාන්ත ශාලාවට විදේශිකයන් පැමිණ ඇති බවට තහවුරුවක් මෙතෙක් ලැබී නැහැ.

පළමුවෙන්ම හඳුනාගත් කාන්තාව නෙමෙයි මෙතන රෝගී පොකුරේ පළමු රෝගියා වන්නේ. අපි හිතනවා මීට කලින් රෝගීන් එතන හිටියා කියලා. තවමත් එතන තොරතුරු ලබාගනිමින් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද මෙම රෝගය ආවේ කියලා හොයා ගන්න. සමහරවිට රෝගය ආවේ කොහෙන්ද කියලා තීරණය කර ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්.