කොරෝනා රෝගියෙක් රාගම රෝහලෙන් පැන ගිහින්

October 7, 2020 at 12:19 PM

කොරෝනා වෛරසය ආසාදනය වී රාගම රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙක් රෝහලෙන් පැන ගොස් ඇත. ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

රාගම රෝහලේ බලධාරීන් ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා ඊයේ දහල් කාලයේදී රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුගේ වාර්තාව අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

එම රෝගියා ඊයේ රාත්‍රියේදී රෝහලෙන් පැන ගොස් ඇති බවත් මේ වන විට එම ආසාදිතයා සොයා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කොට ඇති බවයි රාගම රෝහලේ බලධාරියෙකු ප්‍රකාශ කළේ.