තවත් 139 කට කොරෝනා : ලංකාවේ මුළු කොරෝනා රෝගීන් ගණන 4000 ඉක්මවයි

October 6, 2020 at 6:23 PM

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 706ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝන රෝගීන් සංඛ්‍යාව 4,118 ක් වනවා.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 839ක් වන අතර දැනට සුවය ලැබූ පිරිස 3266ක් වනවා.