වසර 04ක් තුල මෙරටට මිලියන 550 කට ආසන්න ප්ලාස්ටික් ආනයනය කළ බවට හෙළිවෙයි

October 6, 2020 at 11:07 AM

ගතවූ වසර 04ක කාලය තුලදී මෙරටට ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය කිරීම සඳහා විවිධ සමාගම් රුපියල් මිලියන 549,991ක් වියදම් කොට ඇති බවට අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මේ බව පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ එලෙස ප්ලාස්ටික් ආනයනය කිරීම සඳහා මුදල් වියදම් කළ සමාගම් සහ ආයතන කවරේද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු තමන් විසින් සභාගත කරන බවද පවසමින්ය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට ඒකරාශී වීම වැළැක්වීම සඳහා ඒ වෙනුවට වෙනත් විකල්පයන් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව සමග සාකච්ජා කරන බවටද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී මන්ත්‍රීවරයා නැගු අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියා.