රියාජ් බදුර්දීන් නිදහස් කිරීම ගැන ඇමැති චමල් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරයි

October 6, 2020 at 11:35 AM

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රැඳවුම් නියෝග යටතේ සිටිම සහ ඔහුගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ විමර්ෂණය කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

රියාජ් බදුර්දීන් ගේ අත්අඩංගුවට ගැනීම සහ ඊට සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශයන් ගැනද විමර්ශනය කරන බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු චමින්ද විජේසිරි නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ.

රියාජ් බදුර්දීන් සහ පාස්කු බෝම්බකරුවෙක් වන ඉන්ශාෆ් අහමඩ් අතර දුරකථන ඇමතුම් ගැන සිදුකළ විමර්ශන වලදී ඔහු එම ත්‍රස්ත ක්‍රියාවකට හෝ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළිවී නැහැ යැයි අමාත්‍යවරයා සඳහන් කළේ.