මිනුවන්ගොඩ කම්හලේ 832 කට කොරෝනා

October 6, 2020 at 10:31 PM

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 124 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඒ අනුව මේ දක්වා එම පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් 832 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අද දිනයේදී රාත්‍රී 10.00 වන විට රෝගීන් 739ක් වාර්තා වී ඇති අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 4252ක් වන අතර ඉන් 3266 දෙනෙකු සුවය ලබා ඇත. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 973ක් වනවා.