බ්‍රැන්ඩික්ස් කොරෝනා ව්‍යාප්තිය වූ අයුරු සොයන්න – ජනපති (VIDEO)

October 6, 2020 at 10:20 AM

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භය කෙසේ හෝ සොයා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. මෙය විදේශ ගතව සිට පැමිණි අයෙක් ගෙන් පැමිණියාද එසේත් නැත්නම් වෛරසය සමාජය තුල තිබුණාද යන්න ගැන සොයා බැලිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කොවිඩ් මර්ධන කමිටුව සමග ඊයේ පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” විදේශ රටවල සිට මෙරටට පැමිණීමට නියමිත ජනතාවගෙන් දවසට SMS පණිවිඩ 1000 ක් පමණ එනවා ඒ අයව ගෙන්න ගන්න කියලා.
නමුත් මම යුධ හමුදාපතිවරයාට අවස්ථා රැසකදී කියලා තියෙනවා රට ඉදන් කට්ටිය ගෙන්න ගන්න තියෙන්නේ පාලනයකින් යුක්තව කියලා. මොකද එන හැමෝම නිරෝධායනය කරන්න ඕන. ඒ ගැන මම ජනතාවට කරුණු කියන්න කියලා යුධ හමුදාපතිවරයාව දැනුවත් කළා.

බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භය කෙසේ හෝ සොයා ගත යුතුයි..!YouTube Link – https://youtu.be/CQytNxpb_DQ

Posted by Headline News on Monday, 5 October 2020