ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල කර්මාන්තශාලා සේවකයින්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

October 6, 2020 at 2:47 PM

දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා තිබෙන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ව ඔවුන්ව ගම්බිම් බලා නොයවන ලෙස පොලිසිය එම කර්මාන්ත ශාලාවල කළමණාකාරිත්වයට දැනුම් දී සිටිනවා.

එම සේවක සේවිකාවන්ට ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානයන්හිම සිටින ලෙසයි පොලිසිය දැනුම් දී සිටින්නේ.

මේ වන විට එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබේ.