රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා 10ක්

October 5, 2020 at 3:27 PM

රටතුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසකට කොවිඩ් 19 වැළදුණු බව තහවුරු වීමත් සමග රටපුරා නැවතත් කොවිඩ් 19 වසංගතය පිලිබඳ අවදානමක් පැන නැගී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ඒ අනුව වර්ථමානයේ ඇතිව ඇති කොවිඩ් 19 අවධානමෙන් රට බේරා ගැනීමට කරුණු 10 කින් යුත් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගේ අවධානයට යොමු කොට ඇත.