මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ 101ක් දක්වා ඉහලට (UPDATE)

October 5, 2020 at 9:46 PM

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම ඇගළුම් කම්හල ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 101ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

………………………………………………………………………………………………………

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ 88 දෙනෙකුට කොරෝනා

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම ඇගළුම් කම්හල ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 88ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.