පාස්කු කොමිසමේ සාක්ෂි ලබාදීමට හිටපු ජනපති පැමිණෙයි

October 5, 2020 at 11:39 AM

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පළමු වරටයි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේ.

හිටපු ජනාධිපතිවරයා මිට පෙර අවස්ථා කිහිපයකදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාක්ෂි ලබා දෙනවිට ඊට සවන්දීම සඳහා මීට පෙර වාර කිහිපයක් පාස්කු කොමිසට පැමිණියා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා හෙට (06) දිනයේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමට පැමිණීමට නියමිතව තිබෙනවා.