තුන්වරක් කොවිඩ් ආසාදනය වූ තරුණයෙක් ආණමඩුවෙන් වාර්තා වෙයි

October 5, 2020 at 5:23 AM

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම් .ෆරිඩ් මහතා පැවසිය.

මෙසේ කෝවිඩ් 19 ආසාධිකයකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමින පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු වු අයෙකී.

අදාල තරුණයා ආණමඩුව තෙන්නන් කුරියාව පදිංචි කරුවකු වන අතර මොහු වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමින නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව කියයි.

සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී  දෙවන වරට යලි රෝග ලක්ෂණ පහල කිරිමේන් පසු  සැප්තැම්බර්  17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර ඇති බව කියයි.

එහිදි දෙවන වරට  සිදුකල පිසිආර් පරික්ෂණ වලදී නැවතත්  කෝවිඩ් ආසාධිකයකු බව සනාථ වි තිබුනි.

ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා නැවත යලි නිවසට පැමින තිබුනී.

කෙසේ නමුත් අදාල තරුණයා නිසි නිරෝධායන ක්‍රම වේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රදවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ  සෞඛ්‍ය කාර්ය මංඩලය කටයුතු කර තිබුනී.

කෙසේ වෙතත්  ඔක්තෝම්බර් 2 දින (පසුගිය සිකුරාදා නිවසේ ) නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට යවා තිබුණි.

එහිදි නැවත අදාල තරුණයා පිසිආර් පරික්ෂණ වලට යොමු කිරිමේන් පසුව තුන්වන වරට ද කෝවිඩ් 19 ආසාධිතයකු ලෙස මෙම තරුණයා  වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුනී.

කෙසේ වෙතත් මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තුන් වන වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස වාර්ථා වු පළමු රෝගියා මෙම තරුණයා බවට වාර්තා වන බව ප්‍රදේශීය සෞඛ්‍ය බළධාරින් පවසයි.

( මුලාශ්‍ර – අද වෙබ් අඩවියෙන් )