මහජන දිනය ගැන විශේෂ දැනුම් දීමක්

October 4, 2020 at 3:51 PM

හෙට (05) සඳුඳා දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි දන්වා සිටිනවා.

මීලඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.