දිවුලපිටිය කතගේ දියණියටත් කොරෝනා ආසාදිත බවට හෙළිවෙයි

October 4, 2020 at 6:34 PM

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනයවි ඇති බව අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේදි සිදුකළ PCR පරික්ෂණයේදි තහවුරු වි ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ අතර ඇගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා පියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ අනික් සාමාජිකයින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කර සිටියි.

ඔවුන් 05 දෙනා සදහා දෙවැනි වතාවටද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටිනවා.

කොරෝනා ආසාදනය වි ඇති 16 හැවිරිදි දැරිය කොළඹ අයි.ඩි එච් රෝහල වෙත යැවිමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන සදහන් කර සිටිනවා.