දෙවන වාරයේ පාසැල් නිවාඩුව හෙට සිට

October 4, 2020 at 12:26 PM

දිවයිනේ සියලුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට සිට ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

දෙවන වාරය සඳහා වන පාසැල් නිවාඩුව මෙම මස 09 වෙනිදා සිට ලබා දීමටයි තීරණය කර තිබුණේ.

‪ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.‬