ලංකාවේ කාන්තාවන් මත්පැන් පානය කිරීම නුසුදුසුයි : රටේ කාන්තාවන් ගෙන් 22%ක් අක්‍රිය දුම්පානයට ගොදුරුවන්නේ නිවසේදිමයි (VIDEO)

October 3, 2020 at 12:12 PM

දුම්වැටි මිලට ගැනීම උදෙසා මෙරට තුල දිනකට කෝටි 38ක් වැය කරන බවත් මත්පැන් සඳහා කෝටි 57ක් වැයකරන බවත් එබැවින් දුම්වැටි සහ මත්පැන් සඳහා දිනකට කෝටි 100ක් (රුපියල් බිලියනයක්) වැය කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය පවසනවා. එමෙන්ම ගෙදර බුදුන් ලෙස හඳුන්වන මවු පදවිය ලබන කාන්තාවන් මත් වතුර පානය නුසුදුසු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

“ලංකාව තුල කාන්තාවන්ට සීයයට 03ක් පමණ පිරිසක් දුම්කොළ පරිභෝජනය කරනවා. මෙරට ලංකාවේ කාන්තාවන් මත්පැන් පානය කරනවා. ඒ වගේම අක්‍රිය දුම්පානයට ලංකාවේ කාන්තාවන් සීයයට 22ක් සිය නිවසේදී ඊට ගොදුරු වෙනවා. එමෙන්ම සීයයට 11ක් කාන්තාවන් තමන් සේවය කරන ස්ථානයේදී අක්‍රිය දුම්පානය කරනවා.

ලංකාවේ කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න බෑ. එහෙම නීතියක් අපේ රටේ තියෙනවා. ඒත් ඒක පසුගිය කාලෙදි වෙනස් උනා. හැබැයි ඒක පසුගිය කාලෙදි, පසුගිය රජයෙදි වෙනස් උනා. ඒත් අපේ හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ නිතිය නැවතත් ගෙනාවා. ගෙනාවම මේ රටේ කාන්තාවෝ කිහිපාංශයක් ඊට විරුද්ධව නඩු දැම්මා. අන්න එහෙමයි තියෙන්නේ. මේ රටේ සංස්කෘතියක් තියෙනවා. මේ රටේ පැවතිච්ච සභ්‍යත්වයක් තියෙනවා. කාන්තාව කියන්න, ගෙදර බුදුන් කියන්නේ අම්මට. ඒ නිසා කාන්තාවෝ බේරා ගත යුතුයි” සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කර සිටිනවා.

දුම්වැටි මිලට ගැනීම උදෙසා මෙරට තුල දිනකට කෝටි 38ක් වැය කරන බවත් මත්පැන් සඳහා කෝටි 57ක් වැයකරන බවත් එබැවින් දුම්වැටි සහ මත්පැන් සඳහා දිනකට කෝටි 100ක් (රුපියල් බිලියනයක්) වැය කරන බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙරට එක ගමක දුම්වැටි මත්පැන් සඳහා වසරකට කෝටි 3ක මුදලක් වැය කරන බවද එම මුදල් ඉතිරි කරගතහොත් විශාල මූල්‍යමය වාසියක් අත්වන බවත් ඔවුන් පවසා සිටිනවා.