බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරිම දේශපාලන ඩීල් එකක්ද ? කාදිනල් හිමිපාණන් විමසයි (VIDEO)

October 3, 2020 at 7:05 PM

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා එල්ලවූ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලින් පසුව ඔවුන්ව නිසි අධිකරණ ක්‍රියාවලියකට යොමු නොකොට නිදහස් කිරිමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් තිබෙන බව අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් සිය විමතිය හා අප්‍රසාදය පළකර සිටිනවා.

” මෙම ප්‍රහාරය නිසා අංගවිකල භාවයට පත්වූ සහ ප්‍රහාරයෙන් දැඩිසේ පිඩාවට පත්වූ ජනතාව අදත් මිගමුව ඇතුළු ප්‍රදේශවල ජිවත්වන බව පැවැසු කාදිනල් හිමිපාණන් මෙලෙස සැකකරුවන් සම්බන්ධයෙන් පවතින රජය නිසි තීන්දු තීරණ ගණිනු ඇති බවට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෑත කාලයේදී මෙම සිද්ධියට අදාලව නිදහස් කොට යැවු චෝදනා ලැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කොට තිබු කරුණු හාත්පසින්ම වෙනස් කොට දැන් එම පුද්ගලයා නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි සේ විරෝධය පළකර සිටිනවා.

මේ සිදුවීම් සමග පිඩාවට පත්වූ ජනතාව අපෙන් ප්‍රශ්න කර සිටිනවා. මෙහි සිදුවන්නේ දේශපාලන ඩීල් එකක්ද කියා” මෙහිදී කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කර සිටියා.