නිවාස 608කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් රාජ්‍ය සේවකයින් උදෙසා වෙන් කෙරේ (PHOTOS)

October 3, 2020 at 11:32 AM

නිවාස 608 කින් යුත් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 05 වැනිදා විවෘත කිරිමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතියේ නිවාස සියල්ලම මේ වන විට රාජ්‍ය සේවකයින් විසින් මිලදී ගෙන අවසන් බවයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවී ඇති මුළු වියදම රුපියල් බිලියන 06ක්.

මහල් 25කින් යුක්ත මෙම නිවාස සංකීර්ණයේ පිහිණුම් තටාකයක්, කායවර්ධන මධ්‍යස්ථාන දෙකක් පිහිටා ඇත.

මෙම නිවාස සංකීර්ණයේ පිහිටි නිවාස 304ක කාමර දෙක බැගින් පිහිටා ඇත.