මහනුවර පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැස්මට හේතුවූ කරුණු හෙළිවෙයි

October 2, 2020 at 1:32 PM

පසුගියදා මහනුවර, භුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එම ගොඩනැගිල්ලේ ව්‍යුහයේ තිබු දුර්වලතා හා ඉදි කිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකළ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

අදාළ පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාර දුන් බවයි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කළේ.

ගොඩනැගිල්ල ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා 03 කදී මහනුවර මහ නගර සභාවෙන් අවසර ලබාගෙන ඇතැයි ද පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

පළමුව මහල් තුනක් ඉදි කිරීම සඳහාත් දෙවනුව තවත් මහලක් ඉදි කිරීම සඳහා මහනුවර නගර සභාවෙන් අවසර ලබා ගෙන ඇති බවයිජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසුවේ.

තෙවනුව ගොඩනැගිල්ලේ හතර වැනි මහල හා මුදුන් වහල ඉදි කිරීම සඳහා අවසර ලබා ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේ.

ගොඩනැගිලි ඉදි කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අවසර හා උපදෙස් ලබා ගැනීමෙන් මෙවැනි සිදුවීම් අවම කර ගත හැකි බවයි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කළේ.

පසුගිය 20 වැනිදා අලුයම බූවැලිකඩ මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් යුවලක් සහ ඔවුන්ගේ බිළිඳු දියණිය ඉතා අවසානාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මෙම මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරග කොට තිබෙනවා.