ගිනි ගත් ඉන්ධන නෞකාවට පිටව යන්න අවසරය ලැබෙයි

October 2, 2020 at 6:28 PM

මීට මාසයකට පමණ ඉහතදී නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 35ක් පමණ ඈත මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවට මෙරට මුහුදු කළාපයෙන් ඉවත්ව යෑමට බලධාරීන් අවසර ලබාදී තිබෙනවා.

ඒ මෙම නෞකාවෙන් සාගර කලාපයට යලිත් ගැටළුවක් පැන නොනගින බවට ලබා දුන් සහතිකය මත පදනම් කරගෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම නෞකාව දැනට පිහිටා ඇති මුහුදු කළාපයේ සිට යලිත් මැද පෙරදිග බලා රැගෙන යාමට අවශ්‍ය බව දන්වමින් නෞකාවේ හිමිකාරිත්වය දරණ සමාගම නාවික හමුදාව වෙත ” නෞකාව පිටතට රැගෙන යාමේ සැලසුම” දැනුම් දී ඇති බවත් ඊට නාවික හමුදාව අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව බලා ඉන්ධන රැගෙන යමින් තිබු මෙම නෞකාව ඒ අනුව යළිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි කුර්ෆක්කාන් වරාය වෙත ඇද ගෙන ගොස් එහිදී වෙනත් නෞකාවකට ඉන්ධන මාරු කිරිමට නියමිතව ඇත.