ඇමෙරිකානු ජනපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

October 2, 2020 at 10:33 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.

සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නව කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂාවන්ට ලක්වුවා.