කොලොන්නාවේ පුද්ගලයෙකු අධි බලැති විදුලි කණුවක් මත නැගී විරෝධතාවයක (PHOTOS / VIDEO)

October 1, 2020 at 3:57 PM

කොළොන්නාව ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි කුළුණකට නැග පුද්ගලයකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. අද දහවල් 12.30 ට පමණ මෙම පුද්ගලයා කුළුණේ ඉහළම කොටසට නැඟ විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි මොහු අසල්වාසීන් සමඟ ඇති කරගත් ආරවුලක් ගැන ඇති වී තිබෙන නීතිමය ගැටලු කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

පොලිසිය හා විදුලිබල මණ්ඩල නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ ඔහුව කණුවෙන් ඉවත් කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් පවතිනවා.

මේ වන විට ප්‍රදේශයේ විදුලි සැපයුමද විසන්ධි කොට තිබෙනවා.

වැල්ලම්පිටියේ ආතල් 😜🤯

Posted by Hiru Lahiru on Thursday, 1 October 2020