ඉස්සර ගහක් දෙකක් කැපුවත් මාධ්‍ය ආයතන අපිව එක්කන් යන්න වාහන එව්වා : දැන් කව්රුත් නැහැ (VIDEO)

October 1, 2020 at 8:03 AM

පරිසර විනාශය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් විකාශනය වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ එතුමාගේ අවට සිටින මාධ්‍ය කණ්ඩායම්, උපදේශකවරුන් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන් ගේ කතාවන් විශ්වාස කිරීමෙන් බවත් අවසරයක් ලබා දෙන්නේ නම් සිදුවන වන විනාශය ගැන නිවැරදිව පෙන්වා දීමට හැකි බව පාහියංගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

” රටේ සිදුවන වන පරිසර හානිය ගැන සම්පුර්ණ තොරතුරු ගැන සවිස්තාරාත්මක තොරතුරු අප සතුව තිබෙනවා. ජනාධිපතිතුමා කියනවනම් අපිට පුළුවන් ඒ ගැන සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන්න.

ජනාධිපතිතුමා ගේ අවට සිටින විවිධ කණ්ඩායම් වල කතා විශ්වාස කරලා එතුමා කියනවනම් රටේ පරිසර විනාශයක් වෙන්නේ නැහැ කියලා ඒ ගැන පැහැදිලි සාක්ෂි ඇතිව ඕනෑම මාධ්‍ය ආයතනයක් ඉදිරියේ කියන්න අපිට පුළුවන්.

ඒ වගේම ඉස්සර ගහක් දෙකක් කැපුවත් සමහර මාධ්‍ය ආයතන අපිට කෝල් කරලා අහනවා හාමුදුරුවනේ අරහේ ගස් කපනවා. වාහනයක් එවන්නම්, ගිහින් නිව්ස් එකක් කරමුද කියලා. නමුත් දැන් එහෙම අහපු මාධ්‍ය ආයතන වලට අපි කෝල් කරලා කිව්වත් අරහේ පරිසර විනාශයක් වෙනවා නිව්ස් එකක් ගහමු ද කියලා ඒ අය බලන්නම් කියනවා ඇරෙන්න ඉස්සර වගේ නිව්ස් ගහන්නේ නැහැ” යැයි ආනන්ද සාගර හිමියන් කියා සිටියා.

ඉස්සර ගහක් දෙකක් කැපුවත් මාධ්‍ය ආයතන අපිව එක්කන් යන්න වාහන එව්වා දැන් කවුරුවත් නෑ – පාහියංගල ආනන්ද සාගර හිමිwatch full video – https://youtu.be/v9-6zzFDVrs

Posted by Newshub.lk on Wednesday, 30 September 2020