20ට එරෙහි පෙත්සම් 32ක් විභාග කොට අවසන්.ඉතිරි පෙත්සම් විභාගය සිකුරාදා.

September 30, 2020 at 8:41 PM

20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 39න් 32ක් අද පස්වරුව වන විට විභාග කොට අවසන් විය.

ඉතිරි පෙත්සම් 7 ලබන සිකුරාදා පෙරවරුවේ සිට විභාග කෙරේ

පෙත්සම්විභාගය ආරම්භ වූ අඟහරුවාදා , නීනීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවෙදී  තවදුරටත් සංශෝධනය වන බවයි

කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අද කරුණු දැක්වූ නීතීඥවරුන් පැවසුවේ එම සංශෝධන මෙතෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැති බවයි.

කෙසේ වෙතත් වාර්තා වන පරිදි එම සංශෝධන 53ක් මෝසමක් මහින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.