විපක්ෂ නායකගේ රැස්වීමට ගල් ගැසූ දෙදෙනා අත්අඩංගුවට

September 30, 2020 at 5:31 PM

සමගි ජනබලවේගය රත්මලාන ප්‍රදේශයේදී සංවිධාන කළ ජන රැළියකට ඊයේ (29) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනරැළිය අමතමින් සිටින අවස්ථාවේදීයි. මෙම ජනරැළියට ගල් ප්‍රහාර 03 ක් එල්ල කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් එම ගල් ප්‍රහාර එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් එක් සැකකරුවෙකු සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙකු අද (30) උදෑසන පොලීසියට භාරවී තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා බීමතින් සිට ඇති අතර මෙම ප්‍රහාරයට කිසිඳු දේශපාලන සම්බන්ධයන් නොමැති බව අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.