වාහනවල මිල ගැන ආණ්ඩුව ගත් තීරණය

September 30, 2020 at 10:14 AM

ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බව වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි.

රට තුල වාහන එකලස් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේදී දේශීය නිෂ්පාදනයන් සීයයට 30ක් ඊට අන්තර්ගතවී තිබිය යුතු බවත් පසුව එය ක්‍රමක් ක්‍රමයෙන් සීයයට 40-50 දක්වා වැඩිවිය යුතු බව අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේදී දේශීයව එකලස් කරන වාහන ආරක්ෂා වෙළදපොල ආරක්ෂා කිරීම සඳහා ආනයන වාහන මත පවනවන බදු හේතුවෙන් එම වාහන වල මිලෙහි අඩුවක් ඇති නොවනු ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රටේ මුදල් විදෙස් රටවලට ගලා යාම වැළැක්වීමේ අරමුණින් වාහන ආනයනය නතර කිරීමට තීරණය කළ බවත් රට තුළ කිසිඳු වාහන හිගයක් නොමැති බව පැවසූ ඇමතිවරයා වාහන ආනයන තහනම ඉවත් කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද කියා සිටියා.