පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් ඇමති සොහොයුරා නිදහස් කෙරේ

September 30, 2020 at 11:19 AM

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ බාල සොහොයුරු වන රියාජ් බදුර්දීන් මාස 05කට පසුව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් වීමෙන් පසු ඊයේ සවස 5.00 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලමේ පිහිටි සිය නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් රියාජ් බදුර්දීන්ව ඉකුත් අප්‍රේල් මස 14 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොම්මදු අමීන් මොහොමඩ් අස්මින් නම් කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ රේගු නිලධාරියෙකු ද සමගයි.
හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා හැර අත්අඩංගුවට ගනු ලැබූ සෙසු පිරිස මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටියි.