දෙවන පාසල් වාර නිවාඩු ඔක්තෝම්බර් 09 වෙනිදා ඇරඹේ

September 30, 2020 at 4:49 PM

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් මස 09 වන සිකුරාදායින් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. ඒ අනුවදෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙයි.

2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතයි.