20ට එරෙහිව පෙත්සම් 39ක්, හෙට සළකා බැළේ!

September 28, 2020 at 5:09 PM

පාර්ලිමේන්තුවට පසුගිය 22දා ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර තිබේ.

පෙත්සම් ගොනු කිරීමට අවසර තිබූ කාලය අදින් අවසන් වේ.

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්
එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්
එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන
සමගි ජන බලවේග තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක
සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි
ඇතුළු පාර්ශව විසින් අදත් තවත් පෙත්සම් 21ක් ගොනු කර තිබිණි.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම් හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.