ජාතික කොඩි සහ බෞද්ධ කොඩි ආනයනය තහනම්!

September 28, 2020 at 5:21 PM

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව අද   පෙරවරුවේ ජනපති  දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ අවස්ථාවේදී සොයා බැලිණි.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බවත්  දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.


රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනපති වරයා  ඔවුන්ගෙන් ඉල්ලීය.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට ද උපදෙස් දුන් අතර ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දෙන ලදී.