සුජීව සේනසිංහ දේශපාලනයට සමුදෙයි

September 28, 2020 at 2:12 PM

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු වූ සුජීව සේනසිංහ දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කරඇති බව වාර්තා වනවා.

සමඟි ජන බලවේගය පිහිටවීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මහ ලේකම්වරයාද විය. මෙවර මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයෙන් තරඟ කළද ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා පාර්ලිමේන්තු අසුනද අහිමි විය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී තමා දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් තම ව්‍යාපාර කටයුතු කරගෙන සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරමින් සිටින බවට තීරණය කළ බව සුජීව සේනසිංහ පවසනවා.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මාසයේ සිට උසස් අධ්‍යාපනය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා යොමුවීමට අදහස් කරන බවයි ඔහු සඳහන් කළේ.