මේ දවස්වල වැඩියෙන්ම කරන්නේ ටික් ටෝක් – මංගල සමරවීර

September 28, 2020 at 12:57 PM

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටිනවා. දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

” මට මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් තිබුනත් එය තීරණය කළ යුත්තේ රටේ ජනතාවයි. මම මේ දවස් වල කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක යෙදෙන්නේ නැහැ. මේ දිනවල මම වැඩියෙන් කරන්නේ ටික් ටෝක් කරන එකයි” හිටපු අමාත්‍යවරයා කියා සිටියා.