මුදල් දී නිරෝධායනය වන අයගේ කෑම වල අඩුපාඩු ඇති බවට චෝදනා තිබෙනවා – යුධ හමුදාපති

September 28, 2020 at 10:20 AM

විදේශයන්හි සිට මෙරටට පැමිණි ඇතැම් පුද්ගලයන් කරන ඉල්ලීම් මත මුදල් අයකිරීමේ පදනමින් හෝටල්වල නැවතී නිරෝධායන වීමේදී ඔවුන්ට සපයන ආහාරවල යම් අඩුපාඩු ඇතැයි චෝදනා එල්ල වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙසේ ඔවුන්ගේ කැමැත්ත මත මුදල් ගෙවා නිරෝධයට වන පිරිස් මගින් සංචාරක හෝටල් වලට යම් මුදලක් ඉපයීමට අවස්ථාව දුන්න ද රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධානය වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔවුනට දන්වා ඇති බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයකින් එය පාලනය කර ඇති බවයි මහනුවර ප්‍රදේශයේ දී පැවති උත්සවයකට එක්වෙමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේ.