ප්ලාස්ටිසයිකල් සිය බඳුන් ජාලය LAUGFS සහ GLOMARK සුපිරි වෙළඳසැල් ජාල දක්වා පුලුල් කරයි

September 28, 2020 at 12:46 PM

 

සුපිරි වෙළඳසැල්වලට බඳුන් සැපයීම මගින්, වගකිවයුතු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට පහසු මාර්ගයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ඇතිව, ප්ලාස්ටිසයිකල්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කිරීමේහි ලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි. ප්ලාස්ටිසයිකල් විසින් මෙම වැඩසටහන සඳහා ලාෆ්ස් සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරි වෙළඳසැල් දාමයන් සමඟ හවුල්ව, තෝරාගත් අලෙවිසැල්වල මූලික ස්ථානගත කිරීම් ආරම්භ කර ඇත.

සීමාසහිත ලාෆ්ස් සුපිරි වෙළඳසැල් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලිලන්ති හේරත් මහත්මිය මේ පිලිබඳ අදහස් දක්වමින් පැවසුවේ, “හරිත පරිසරයක් සඳහා අප දක්වන දායකත්වය පිරිසිදු හා තිරසාර ලෝකයක් සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දිය හැකි බව ලාෆ්ස් හි අප විශ්වාස කරමු. වගකිවයුතු ආයතනයක් ලෙස, පරිසර දූෂණය සහ එහි ඍණාත්මක බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමක් ඇති කරන තවත් ව්‍යාපෘති සඳහා සහාය වීමට අපි උත්සාහ කරමු.” පීඊටී බෝතල්, අයිස්ක්රීම් බහාලුම් සහ ෂැම්පූ බෝතල් ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම සඳහා මේ වන විට රාජගිරිය, පැපිලියාන, මහරගම, කැස්බෑව සහ මොරටුවෙහි පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳසැල්වල ප්ලාස්ටික් ප්ලාස්ටිසයිකල් බඳුන් තබා ඇත.

එමෙන්ම කොට්ටාව, දෙල්කඳ සහ නාවල හි පිහිටි ග්ලෝමාර්ක් අලෙවිසැල්වල ද ප්ලාස්ටිසයිකල් බඳුන් ස්ථානගතකර ඇත. මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් සුපිරි වෙළඳසැල් ජාලයේ ප්රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ඩැල්බි මහතා පැවසූයේ, “සමාජීය වගකීම්වලට ගරු කරනා ආයනයක් වන ග්ලෝමාර්ක් හි අධිශ්ඨානය වනුයේ අපගේ පාරිභෝගිකයින්ට සෑමවිටම වඩාත් යහපත් සහ සරිලන අත්දැකීම් ලබාදීමයි. මෙයට සහය දැක්වීම සඳහා, අලෙවිසැල්වල ජෛව හායනයට ලක්විය හැකි ඇසුරුම් භාවිතා කිරීම සහ නැවත භාවිතා කළ හැකි බෑග් ප්‍රවර්ධනය කිරීම වැනි පරිසර හිතකාමී පියවර ගෙන ඇත්තෙමු. තවද, සූර්ය බලශක්තිය සහ නව හරිත ගොඩනැගිලි වෙළඳසැල් හඳුන්වා දීම තුලින් රටේ අනාගතය වඩාත් යහපත් කිරීමට අප කැපවී සිටිමු. එබැවින්, අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී වැඩි පහසුවක් ලබා දීම සඳහා ප්ලාස්ටිසයිකල් සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය වඩාත් ඉවහල්වනු ඇති බව අප විශ්වාසකරමු.”

ප්ලාස්ටිසයිකල් බඳුන් ජාලය හා හවුල්කාරීත්වය ඇති කරගත් පළමු සුපිරි වෙලඳසැල් ජාලය වන කීල්ස් හි මේ වනවිට අලෙවිසැල් 43ක ප්ලාස්ටිසයිකල් බඳුන් පිහිටුවා ඇත. තවද, සංවෘත ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් සහතික කිරීම සඳහා ප්ලාස්ටිසයිකල් ශ්‍රී ලංකා ප්‍රතිචක්‍රීකරන සංගමය (SLRA) සහ ඉකෝ-ස්පින්ඩල්ස් (BPL Holdings PLC හි අනුබද්ධ සමාගමක්) වැනි නිෂ්පාදන සමාගම් සමඟ එක්ව පිරිසිදු කිරීමේ මෙවලම් සඳහා භාවිතා කරන ප්ලාස්ටික් මොනොෆිලමන්ට්ස් සහ ලොව පුරා රෙදි නිෂ්පාදකයින් සඳහා නූල් වැනි භාවිතා කළ ප්ලාස්ටික් වලින් අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරයි. ප්ලාස්ටිසයිකල්හි අභිමතාර්තය වනුයේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රවය ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා ක්‍රියාකරන සංවිධාන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමයි.

එමෙන්ම ප්ලාස්ටිසයිකල් අඛණ්ඩව 4R’s සංකල්පය තුලින් ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කිරීම, අඩු කිරීම, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සහ – ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා උත්ප්රේරකයක් බවට පත්වීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කුළුණු තුනක් කෙරෙහි අවධානය යොමු කරමින්: භාවිතය අඩු කිරීම දිරිගැන්වීම, වගකිවයුතු බැහැර කිරීම සඳහා සහාය වීම සහ ප්‍රතිචක්රිකරණ මුල පිරීම් ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබයි.

ප්ලාස්ටිසයිකල් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක්  මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් සමූහය, 2020 වර්ශයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දියුනුවෙහි හා සංවර්ධනයෙහි හවුල්කරුවෙකු ලෙස සිය අභිමානවත් 150 වන වසර සමරනු ලබයි. 14,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 15 ක් පුරා ශ්‍රී  ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.