දිලීපන් ගුණ ස්මරුමට ඉඩ නොදුන්නැයි අද උතුරු – නැගෙනහිර හර්තාල්

September 28, 2020 at 10:52 AM

උපවාසයේ යෙමින් ජිවිතක්ෂයට පත් එල්ටිටිඊ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන දිලීපන් ගුණ අනුස්මරණය සැමරීමට රජය එරෙහිවීම හෙළාදකිමින් අද දිනයේදී නැගෙනහිර පළාත මුල් කරගෙන ඉලංකෛ තමිල් අරසු පක්ෂය ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම් කිහිපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල හර්තාල් ව්‍යාපාරයක් අද (28) දියත් කෙරුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව නගරය, වාලච්චේනය, සෙන්ගලඩි, කලුවන්චිකුඩි ඇතුළුව දමිල ජනතාව බහුලව ජිවත් වෙන ප්‍රදේශවල ව්‍යාපාර ස්ථානයන් වසා දමා තිබෙනවා.

කෙසේ වුවත් දෙමළ දේශපාලන පක්ෂ හර්තාලය කැඳවුවද අද උදැසන වවුනියාව නගරයේ වෙළඳ සැල් රැසක් විවෘත කොට තිබු අතර වවුනියාව බස් නැවතුම්පොළ හා වවුනියාව පොදු වෙළඳපොළ කටයුතුද සාමාන්‍ය ආකාරයට සිදුවන බවයි වාර්තා වන්නේ.

වෙනත් දිනවලදි අධික ලෙස ජනතාව ගැවසෙන නගරයේ ජනතාව ගැවසීම අඩු තත්වයක් පැවතියද හර්තාලය පැවැත්වීම අසාර්ථව ඇති බැව් වවුනියාව ජනතාව හා වවුනියාව ආරක්ෂක අංශ සඳහන් කර සිටිනවා.

හර්තාල් පැවැත්වෙන වෙනත් දිනවලදි වවුනියාව නගරය ජන ශූන්යන තත්වයක් පැවතියද අද දිනයේ නගරයේ සියළු රාජ්‍ය ආයතන විවෘත කොට ඇති ආකාරයක්ද දැක ගැනීමට හැකිවූ බවයි වාර්තා වුයේ.