ට්‍රම්ප් ගේ ටික්ටොක් තහනමට ෆෙඩරල් අධිකරණයකින් වාරණයක්.

September 28, 2020 at 6:25 AM

සිය රටේ ආරක්ෂා වට බලපාන බව පවසමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීමට ගෙනඇති තීරණය වළක්වමින් එරට ෆෙඩරල් අධිකරණයකින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව අධිකරණය විසින් එම තීරණය ක්‍රියාත්මක වීම කල් දමන නියෝගයක් නිකුත් කර තිබේ.