මන්ත්‍රී ධුරයක් නොදී පොරොන්දු කඩ කළ සජිත්ට විරුද්ධව එන්තර වාසියක් යවනවා – අසාද් සාලි

September 27, 2020 at 9:17 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව එන්තර වාසියක් යොමු කිරිමට තීරණය කළ බව ජාතික සමගී පෙරමුණේ අසාද් සාලි ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයන් ගෙන් තමන්ටද එක් මන්ත්‍රීධුරයක් ලබා දෙන බවට පොරොන්දු වූ බව පැවසූ අසාද් සාලි එය එසේ ඉටු නොවූ බවද කියා සිටියා.

ඒ අනුව පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව එන්තර වාසි යොමු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.