කොරෝනා වෛරසය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුලස්ථානය වසා දමයි

September 27, 2020 at 10:33 AM

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ හේතුවෙන් ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුලස්ථානය සෞඛ්‍ය හේතුන් මත දින කිහිපයක් යන තෙක් වසා තැබීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ICC නිලධාරින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇත. පවතින තත්ත්වය මත බොහෝ නිලධාරීන් සිය නිවෙස් වල සිට වැඩ කටයුතු කිරිමට උපදෙස් ලබාදී ඇත. ඇතිවී තිබෙන තත්ත්වය ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට බලනොපානු ඇති බව ICC ජේෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දියාවේ ANI පුවත් සේවය වාර්තා කර සිටියි.