රොහාගේ අවසන් කටයුතු අද. සිවිල් හා බුද්ධි අංශ යොදා මහජන ආරක්ෂාව සැපයේ

September 26, 2020 at 12:56 PM

‍මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවක දී මියගිය දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් රත්මලානේ රොහාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

අද පස්වරු 04.00 ට සොයිසා පුර සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මේ වන විටත් ප්‍රදේශයට පොලිස් සිවිල් හා බුද්ධි නිලධාරීන් යොදවා ඇති අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර රොහාගේ මරණය සැමරීමට සූදානම් වූ ‘කුඩු අංජු‘ නමැති පාතාල සාමාජිකයාගේ සොහොයුරිය ඇතුළු සිව් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.

කුඩු අංජුගේ‘සොහොයුරිය මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර සෙසු පිරිස මුදාහැර ඇති බව ද වාර්තා වෙයි.

රත්මලානේ රොහාගේ මරණයේ සතුට සමරන ලෙස ‘කුඩු අංජු‘ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ‘රත්මලානේ රොහාගේ‘මරණය සැමරීමට සූදානම් වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් වරයා උපදෙස් දී තිබේ