මන්ත්‍රීකම බේර ගන්න 18ට ජන්දය දුන්නා : මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධියේ හෙළි කළ කතාව (VIDEO)

September 26, 2020 at 4:09 PM

18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් ජන්දය ප්‍රකාශ කිරීමේ හේතුවෙන් තමන්ගේ මන්ත්‍රීකම ආරක්ෂා වූ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

පෞද්ගලික රුපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ මන්ත්‍රීකම ආරක්ෂා කර ගැනීමට තමන්ට එදා එවැනි තීන්දුවක් ගැනීමට සිදුවූ බවයි.

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයට අදාලව ජන්දය ලබාදීම හේතුවෙන් මැතිවරණයට අදාලව අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක තීරණයද ඒ අනුව වෙනස් කිරීමට හැකිවූ බව මන්ත්‍රීවරයා කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එවකට හිටපු නීතිපතිවරයා ඇතුළු කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳවා එම නඩුව සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව පැවසූ මන්ත්‍රීවරයා පළමු නඩු වාරයේදී තමාට එරෙහිව සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිතිඥවරුන් දෙවැනි දිනයේදී විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීම ගැන අධිකරණයේ ගරු විනිසුරුතුමන් පවා සිය අවධානය යොමු කළ බව කියා සිටියේ මේ අයුරින්.

මනූෂ පලමුවරට මාධ්‍යට කළ හෙළිදරව්ව

Posted by Derana Wada Pitiya on Tuesday, 22 September 2020