පොල් මිල ගැන විහිළු කරන්නේ ජාවාරම් කාරයෝ (VIDEO)

September 26, 2020 at 6:33 PM

පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිම සම්බන්ධයෙන් විහිළුවට ගෙන සිටින්නේ ජාවාරම්කරුවන් බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය යහපාලන රජය විසින් පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස රු.75ක් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබු බවයි.

එම ක්‍රමවේදය සාර්ථක නොවන නිසා පොල් ගෙඩිවල ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් මෙහිදී පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කී ඇමතිවරයා වෙළදපලේ රු.120 ට තිබු පොල් ගෙඩියක දැන් රු. 70 ට ලබා ගත හැකි බවද කියා සිටියා.

පොල් මිල ගැන ඇමති බන්දුල කතා කරයි

Posted by Hiru News on Saturday, 26 September 2020