කුවේටයේ සුරක්ෂා නිවසක සිටින ලාංකික කාන්තාවන් 44 කට කොරෝනා : තානාපති කාර්යාලයත් වසා දමයි

September 26, 2020 at 4:48 PM

‪කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.‬

‪මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.‬

‪ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා තබන අතර හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.‬