රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගමන් කළ රථය කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වෙයි

September 25, 2020 at 5:12 PM

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ ඔහු ගමන් ගත් රථය කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන්.

සීදුව පොලිසිය සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් වාහනය අධිවේගී මාර්ගයේදී ලිස්සා ගොස් මාර්ගයේ පිහිටි ආරක්‍ෂිත වැටේ ගැටී ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා රෝහල් ගත කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි සඳහන් කළේ.

අමාත්‍යවරයා ගමන් කළ වහනය සිදූව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.