අධිකරණ ඇමතිගේ ටයි ඇඳුම් ගැන ඇසු ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

September 25, 2020 at 1:21 PM

අධිකරණ අමාත්‍ය අලි සබ්රි ගේ ඇඳුම සම්බන්ධයෙන් දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූවා.

අධිකරණ අමාත්‍යවරයාගෙන් වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සිටි අවස්ථාවේදී මෙම තත්ත්වය ඇතිවූවා.

අධිකරණ අමාත්‍යාංශය අධිකරණයේ පැවැත්වෙන නඩු වලට සම්බන්ධ නොවන බවත් පසුගිය රජය සමයේ මෙන් අධිකරණයට දුරකථන ඇමතුම් ලබා නොදෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර සිටියා.

” අපි අධිකරණ අමාත්‍යාංශය ලෙස අපි සිදුකරන්නේ යටිතල පහසුකම් ලබාදීම පමණයි. එහිදී අධිකරණයට බලපෑම් එල්ල කිරිම කිසිසේත්ම යහපත් දෙයක් නොවනවා වගේම එහෙම දේවල් සිදුනොවිය යුතුයි. අනෙක් කාරණාව තමයි අපි කවදාවත් මිනිස්සු දිහා බලලා අධිකරණ පත් කරන්නේ නැහැ.”

මෙහිදී සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ ඇමතිවරයා කියා සිටියේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් තමන්ට අදහස් ප්‍රකාශ් කිරිමට හැකියාවක් නොමැති බවයි.

මෙහිදී ඊට පිළිතුරු දෙමින් චමින්ද විජේසිරි ප්‍රකාශ කළේ ටයි කෝට් පලදින මහත්වරු ගිය ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවේ අයට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කටයුතු කරයිද යන්න සැමටම දැක ගත හැකිවනු ඇති බවයි.

මෙහිදී අධිකරණ අමාත්‍යවරයා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ගෙන් පෙරළා විමසා සිටියේ තමන්ද මන්ත්‍රීවරයා මෙන් ඇඳුම් ඇදිය යුතුද යන්නයි?

තමන්ට අවශ්‍ය ඇඳුම තමන් අදින්නේ අධිකරණයට අවශ්‍ය ඇඳුම අදින බවයි.

මෙහිදී සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනේ මේ අයුරින්,