හලාවතට අහසින් පාවී ආ මාළු දැල (VIDEO)

September 20, 2020 at 7:32 PM

 

හලාවත  අදාහානාගාරය පිහිටි භූමියට  අද (20) අහසින් මාළු දැලක් වැටී  ඇති බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර පැවසුවේ.

මේ මාළු දැල වැටෙන අවස්ථාවේ තද වර්ෂාවක් තිබී ඇත. අඩි දෙසිය පනහක් හා කිලෝග්‍රෑම් තුන්සියයක් පමණ බර මේ දැල අහසේ පාවෙමින් පැමිණ මේ ස්ථානයට වැටෙන අයුරු කීප දෙනෙකු දැක ඇත.

මේ සිදුවීම මුලින්ම දුටු  හලාවත ශිල්ප ආයතනයේ ආරක්ෂක නිලධාරී මිලාන් ජෝසප් මහතා කියා සිටියේ මේ දැල හලාවත මුහුද  දෙස සිට ඉහල අහසේ සිට පැමිණ එකවර ආදාහානාගාරය දෙසට වැටුණු බවයි මෙය දුටු කීප දෙනෙකු පැමිණ දැල රැගෙන යාමට උත්සහා කලත්  නගර සභාවේ මුරකරු ඊට ඉඩ නොදී  මේ බව හලාවත නගර සභාවේ සභාපතිවරයාට දැනුම් දුන් බව පැවසිය.

මේ දැලේ ඇති විශේෂත්වය වන්නේ ගැට නොමැති වීම හා වරක් ඉරුණු පසු නැවත මසා දැමීමේ නොහැකියාවයි .

දැල දැක බලා ගැනීම සදහා පැමිණි හලාවත වැල්ල ධිවර සමිතියේ සභාපති  රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ  මේ දැල ශ්‍රී ලංකාවේ ධීවරයන් භාවිතා නොකරන දැලක් බවයි.

නයිලෝන් නුලෙන් වියා ඇති මේ දැල චීනය, තායිවානය හෝ ඉන්දියාවට අයත් එකක් විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

මේ දැල දැක බලා ගැනීම සදහා විශාල පිරිසක් අද පෙරවරුවේ සිට හලාවත ට පැමිණෙන ලදී.